Monday, April 29, 2024

General line - 0115112241

ජාතියට කියවන්න හුරු කරවන්න නෙත් එෆ්. එම් බැලුම්ගලෙන් අලුත් වැඩක්




දුම්රිය ස්ථානවල ඇති කියවීමේ කවුළු සංකල්පයට යළි ජීවය දෙමින් දුම්රිය නිදහස් පොත් මැදිරි ස්ථාපිත කිරීමේ නෙත් බැලූම්ගල සාමාජ සත්කාරය අද මහනුවර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වනවා. 

ඒ, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්වයි.

මීට කළකට පෙර දිවයිනේ දුම්රිය ස්ථාන ගණනාවක ආරම්භ වූ පොත් කියවීමේ කවුළු සංකල්පය  මේ වන විට අකි‍්‍රය වෙමින් පැවතීම සම්බන්ධයෙන් ඉකුත් සැත්තැම්බර් මස 20වනදා ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහන මගින් අනාවරණ කෙරුණා. 

ඉන් නොනැවතී එම සංකල්පය යළි කි‍්‍රයාත්මක කිරීම සඳහායි අද මෙම වැඩසටහන ආරම්භ වන්නේ. 

ඒ පිළිබඳ අදහස් දක්වන බැලුම්ගල කණ්ඩායමේ සාමාජික චාමික බණ්ඩාරගේ අදහස් පහතින්,