Thursday, May 2, 2024

General line - 0115112241

ඉතාලියේ වෙනීසියට වාර්තාගත ජල ගැල්මක්




ඉතාලියේ සුප‍්‍රකට වෙනිස් නගරයට වාර්තා ගත ජල ගැලීම් තත්ත්වයක් බලපා තිබෙනවා.

ඒ, ඉකුත් දා ඉතාලියට බලපෑ කුණාටු තත්ත්වය හා වර්ෂාපතනයත් සමගයි.

වෙනීසියේ ඇතැම් ස්ථානවල ජල මට්ටම මීටර් 1 . 87 ක ප‍්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසර 50 කට පමණ පසුව වෙනීසියට බලපෑ දරුණුතම ජල ගැලීම මෙය බවයි පැවසෙන්නේ.

ආපදාකාරී තත්ත්වය හමුවේ විදේශියකයින් රැසක් ද පීඩාවට පත්ව ඇතැයි සඳහන්.

හදිසි අනතුරු නිසා සිදුවූ පුද්ගල මරණ 02 ක් ද වෙනීසියෙන් වාර්තා වනවා.