Saturday, November 30, 2024

General line - 0115112241

වායු දූෂණය නිසා නවදිල්ලි පාසල් වැසේ - දූවිලි අංශුවලින් කොළඹටත් බලපෑම්




නවදිල්ලියේ සහ යාබද ප්‍රදේශවල සියලු පාසල් අද (14) සහ හෙට (15) වසා තැබීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, නවදිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන්.

ලබන 15 දක්වා මෙහෙයුම් අත්හිටුවන ලෙස ඉන්දීය පරිසර දූෂණය වැළැක්වීම හා පාලන අධිකාරිය නවදිල්ලියේ පිහිටි ඉන්ධන සහ ගල් අගුරු යොදා ගනිමින් සිදුකරන සියලු කර්මාන්තවලින් ද ඉල්ලීමක් කර තිබෙනවා.

අධික වායු දූෂණය හේතුවෙන් නවදිල්ලියේ පෙනහළු ආශ්‍රිත රෝග ඉහළ යාමේ දැඩි අවධානමක් ද පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.  

මේ අතර නවදිල්ලියේ සිදුව ඇති වායු දූෂණයේ බලපෑම් ශ්‍රී ලංකාවට ද දැනෙමින් තිබෙනවා. කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවල වායු ගෝලයේ දූවිලි අංශු කැපී පෙනෙන ලෙස වැඩිවී තිබෙන බවයි අධ්‍යයන වලින් හෙළිව ඇත්තේ.