Thursday, May 2, 2024

General line - 0115112241

ප්‍රංශය තුළ ගෘහස්ථ හිංසනය වර්ධනය වෙයි - පැරිස් නුවර විරෝධතා මාලාවක්




ගෘහස්ථ හිංසනයට එරෙහිව ප‍්‍රංශය තුළ ප‍්‍රබල විරෝධතා මාලාවක් පැවැත්වුණා. විදෙස් වාර්තා පැවසුවේ ගෘහස්ථ හිංසනය හේතුවෙන් විපතට පත් කාන්තාවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු 35,000 ක පමණ පිරිසක් පැරිස් අගනුවරදී මෙලෙස විරෝධතාවයේ යෙදී සිටි බවයි.

රට පුරා කි‍්‍රයාත්මක වූ විරෝධතා මාලාව සඳහා එක්ලක්ෂ 50,000 ක පමණ පිරිසක් සහභාගී වූ බවයි සිවිල් සංවිධාන පවසන්නේ.

දම් පැහැති ඇඳුම්වලින් සැරසී සිටි ඔවුන් කාන්තා හිංසනයට මෙන්ම රජයට එරෙහි වැකි ඇතුළත් විරෝධතා පුවරු රැගෙන පාගමනක ද නිරත වුණා. 

වසරේ ගතවූ කාලය තුළ පමණක් ගෘහස්ථ හිංසනය හමුවේ ප‍්‍රංශය තුළ කාන්තාවන් 137 දෙනෙකු සිය ස්වාමිපුරුෂයා අතින් ඝාතනයට ලක්ව ඇති බවයි එරට සිවිල් සංවිධාන චෝදනා කරන්නේ.

2018 වසරේදී එම සංඛ්‍යාව වාර්තා වුණේ 121 ක් ලෙසයි. ගෘහස්ථ හිංසනය වැළැක්වීමට හා කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප‍්‍රමාණවත් පියවර ගැනීමට ප‍්‍රංශ රජය අපොහොසත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව විරෝධතාකරුවන් පවසනවා.