Thursday, May 2, 2024

General line - 0115112241

හොංකොං ඡන්ද දායකයින්ගෙන් චීනයට පණිවිඩයක්




අද (24) ආරම්භ වූ හොංකොංහි දිස්ත්‍රික් කවුන්සිලවලට අදාළ පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තාගත මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය 2015 වසරේ පැවති මැතිවරණය හා සංසන්දනය කිරීමේදී ද වාර්තාගත ඉහළ යාමක්.

මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 4.01 ක පිරිසක් සුදුසුකම් ලබා සිටින අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලයෙන් අඩක් ගත වන විට ද ඉන් මිලියන 2.03 කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 56.42 ක්. 2015 වසරේ එම ප්‍රතිශතය සියයට 30.59 ක් ලෙස සටහන් වුණා. 

මෙම මැතිවරණය පැවැත්වෙන්නේ, හොංකොංහි මාස 05 ක් පුරා ප්‍රබල මහජන විරෝධතා මාලාවක් සහ දැඩි දේශපාලන අර්බුදයක් පවතින පසුබිමකයි. මෙම ඡන්ද විමසීම හරහා චීන රජයට ශක්තිමත් පණිවිඩයක් ලබාදිය හැකි බවයි විරෝධතාකරුවන්ගේ මතය වී ඇත්තේ. මේ වනවිට හොංකොංහි දිස්ත්‍රික් කවුන්සිල රැසක් පාලනය කරන්නේ චීනයට පක්ෂපාතී දේශපාලනඥයින්.