Thursday, May 2, 2024

General line - 0115112241

ගුවන් අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 ක් මරුට




මාලි රාජ්‍යයේදී සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රංශ ජනාධිපති කාර්යාලය පැවසුවේ මාලි රාජ්‍යයේ ක්‍රියාත්මක ජිහාඞ් සටන්කාමීන්ට එරෙහිව ක්‍රියාන්විතයේ යෙදී සිටි හමුදා භට පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. පාබල හමුදාවට සහය ලබාදීම සඳහා පියසාර කරමින් තිබූ හෙලිකොප්ටර් යානා 02 ක් උඩුගුවනේදී එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

අනතුර සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් සිය ශෝකය පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි ජනාධිපතිවරයා නියෝග ලබා දී ඇත්තේ. මෙතරම් ප්‍රංශ හමුදා භට පිරිසක් එකවර ජීවිතක්ෂයට පත්කරමින් මෑත කාලයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුර මෙය බව විදෙස් වාර්තා සඳහන් කළා. 

මාලි රාජ්‍යයේ සිදු කරන හමුදා මෙහෙයුම් සඳහා ප්‍රංශ හමුදා භටයින් 4,500 ක් පමණ අනියුක්ත කර තිබෙනවා. ඒ, 2013 වසරේ සිටයි.