Thursday, May 2, 2024

General line - 0115112241

ආගන්තුක ගුවන් යානයක් නිසා ධවල මන්දිරය හදිසියේ වසා දමයි 




අමෙරිකාවේ වොෂිංටන් ගුවන් කළාපය ගුවන් යානයක් විසින් උල්ලංඝණය කිරීමත් සමග සමග ධවල මන්දිරය ආරක්ෂක හේතුන් මත වසා දැමීමට පියවර ගෙන ඇති බව NBC ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටිනවා.

ගුවන් යානයක් විසින් වොෂිංටන් හී ගුවන් කළාපය උල්ලංඝණය කිරීමත් සමග ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රහාරක ජෙට් යානා කිහිපයක්ම ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් ගත කර යැවීමට අමෙරිකානු ගුවන් හමුදාව පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂිංටන් රැඳී සිටින බවත් මෙම ගුවන් කළාපය උල්ලංඝණය කරනු ලැබුවේ කුමන ආකාරයේ ගුවන් යානයක්ද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන් මේ දක්වා කිසිදු තොරතුරක් ලබාදී නොමැති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ.