Saturday, May 4, 2024

General line - 0115112241

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියකට තර්ජනය කිරීම ගැන විමර්ශන ඇරඹෙයි




ශී‍්‍ර ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියකට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන්නැයි ස්විස්ටර්ලන්ත රජයද ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වුණේ.

විමර්ශනවලින් හෙළිකර ගන්නා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා ලෙසද ස්විස්ටර්ලන්ත රජය ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා තිබෙනවා. 

මීට පෙර පළ වු මාධ්‍ය වාර්තාවල දැක්වුණේ ශී‍්‍ර ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැර ගෙන ගොස් ප‍්‍රශ්න කර තර්ජනය කර ඇති බවයි. තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා මෙම තර්ජනය සිදුකර ඇතැයිද මාධ්‍ය වාර්තාවල දැක්වුණා.