Saturday, May 4, 2024

General line - 0115112241

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු හදිසියේ නවතා දැමූ හේතු හෙළිවේ




පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු මේ වනවිට නවතා දමා ඇත්තේ එහි කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්‍ද්‍රය හරහා වඩාත් විධිමත් නව පටිපාටියක් යටතේ සිදු කිරීම සඳහා බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

පොලිස් මාධ්‍ය ඒකකය දිනපතා විවිධ නිවේදන මාධ්‍ය වෙත නිකුත් කළත් ඊයේ (27) දිනයේ සිට ඔවුන් කිසිඳු නිවේදනයක් මේ දක්වා නිකුත් කළේ නැහැ.

ස්ථාවර දුරකතන අංකවලින් පොලිස් මාධ්‍ය ඒකකය සම්බන්ධ කර ගැනීමට දැරූ  උත්සාහයද ව්‍යර්ථ වුණා. ඒ පිළිබඳ කළ විමසීමකදීයි පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්‍ද්‍රය හරහා වඩාත් විධිමත් නව පටිපාටියක් යටතේ සිදු කිරීමට සැලසුම් කෙරෙමින් ඇතැයි දැන ගන්නට ලැබුණේ.