Friday, May 10, 2024

General line - 0115112241

බැදුම්කර වංචාකරුවන්ට නඩු දමන්නැයි ඉල්ලීමක්




ප‍්‍රශ්නගත මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහබැංකුව සිදුකරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති පවසනවා. 

මහබැංකු අධිපතිවරයා විසින් යොමුකරන ලද එම වාර්තාව තමන් වෙත ලැබී ඇති බවයි කෝප් කමිටු සභාපතිවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි කියාසිටියේ.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන අධිකරණ කි‍්‍රයාවලියට අදාළව එම වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීමට සූදානම් බවද කෝප් කමිටු සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියාසිටියා.