Friday, May 10, 2024

General line - 0115112241

සාග් වෙනුවෙන් නේපාලයට ගිය ශ්‍රී ලංකා මළල ක්‍රීඩක කණ්ඩායම පාරට වැටේ




13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගිවීම සදහා නේපාලයේ කත්මන්ඩු නුවර වෙත ළගා වූ ශ‍්‍රී ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායම නවාතැන් පහසුකම් නොමැතිව මහමගට වැටුනු පුවතක් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා. 

නවාතැන් පහසුකම් ලබාදීමට ප‍්‍රමාදවීම හේතුවෙන් ඔවුන්ට මාර්ගයේ රැදී සිටීමට සිදුව ඇති අතර පැය කිිහිපයකට පසු නවාතැන් පහසුකම් ලබා දීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා. 

මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 600කට අධික පිරිසට කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නේපාලයේදී ගැටලූ ඇති වුවහොත් දැනුම් දෙන ලෙස දුරකතන අංක දෙකක්ද ලබා දී තිබුණා. 

කෙසේ වෙතත් ඊයේ නවාතැන් පිිළිබද ගැටලූව මතු වූ අවස්ථාවේ එම දුරකතන අංක ඇමතුවද ඊට ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි වාර්තා වන්නේ.

මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල සදහා කී‍්‍රඩා අමාත්‍යංශයෙන් 100කට අධික නිලධාරීන් පිරිසක් සහභාගි වි සිටිනවා. 

ඔවුන් කිසිවෙකුත් මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේ ඍජුව මැදිහත්වීමට කටයුතු කර නැහැ. ක‍්‍රීඩා බලධාරීන්ගේ කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. 

රාත‍්‍රියේ පැවැති අධික ශීත කාලගුණයද මහමග රැදී සිටීමට සිදුවූ ඔවුන්ට තවත් අභියෝගයක් වූ බව සදහන්. 

නිලධාරීන් විශාල පිරිසක් සහභාගිවී සිටියදී මෙවැනි ගැටලූ මගහරවා ගැනීමට එක් නිලධාරියෙකු හෝ මැදිහත් නොවීම කණගාටුවට කරුණක් බව නෙත් ස්පොර්ට්ස්මන් කී‍්‍රඩා බලධාරීන්ට යළි සිහි කැදවනවා.