Friday, May 10, 2024

General line - 0115112241

ජනාධිපති ගෝඨාභය ඉන්දියාවට පැමිණීම ඓතිහාසික ප්‍රවේශයක් - ඉන්දීය ජනපති




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රටට පැමිණීම දෙරටේ ඓතිහාසික සබදතාවයේ නව ප‍්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් පවසනවා. 

ඊයේ රාති‍්‍රයේ රාෂ්ඨපති භවන්හි ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සංවිධාන කර තිබූ විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයේදී ඉන්දීය ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. 

දෙරට අතර දිගු කාලීන මිත‍්‍රත්වය දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇති බවද ඉන්දීය ජනාධිපතිවරයා මෙහිදි ප‍්‍රකාශ කළා.