Tuesday, April 30, 2024

General line - 0115112241

'පස්සර -බදුල්ල' මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ (UPDATE)

පාලිත ආරියවංශ




පස් හා ගල් කඩා වැටීම හේතුවෙන් අවහිර වී වසා දැමූ  බදුල්ල - පස්සර මාර්ගයේ  එම අවහිරතා ඉවත්කිරීම අද (01) පෙරවරු කාලයේ සිදු කෙරුණා.

ඒ අනුව මේ වනවිට එක් මංතීරුවක් ගමනා ගමනයට විවෘත කර ඇතැයි බදුල්ල පොලිසිය පවසනවා.

බැකෝ යන්ත්‍ර යොදවා එම ස්ථානයේ  අවහිරතා ඉවත් කිරීම තවදුරටත් සිදුවන අතර එම යන්ත්‍ර එම ස්ථානයේ පැය 24 පුරා රඳවා තැබීමට ද තීරණය කර තිබෙනවා.
 

--------------------------

පස් කඳු කඩා වැටීමෙන් 'පස්සර -බදුල්ල' මාර්ගය අවදානම් වෙයි (PHOTOS)

(01-12-2019 09:59)

 

පස්සර -බදුල්ල මාර්ගය තාවකාලිකව වසාදැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම පවසනවා.

ඒ එම මාර්ගයට මහ වැසි සමග පස්කඳු හා ගල් කඩා වැටී මාර්ගය අවහිර වීම හේතුවෙන්.

මෙම මාර්ගයේ වේවැස්ස  කිලෝමීටර් 05 සහ 06 කණු අතර  මාර්ගය මෙසේ අවහිර වී තිබෙනවා.

මෙම මාර්ගයේ සංවර්ධන ව්‍යපෘතියක් ක්‍රියාත්මක වන අතර නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීමද මෙම පස් කඩාවැටීමට හේතුවක් වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

විකල්ප මාර්ගය ලෙස බදුල්ල පස්සර මාර්ගයේ 02 කණුව දක්වා ගමන් කර එම හන්දියෙන් හැරී විනීතගම මාර්ගය ඔස්සේ ගොස් පස්සර මාර්ගයට පිවිසීමට හැකි බව බදුල්ල පොලිසිය පවසනවා. 

එහෙත් එම මාර්ගයේ බර වාහන ගමන් කළ නොහැකි බවයි වාර්තා වෙන්නේ.