Friday, May 10, 2024

General line - 0115112241

එජාපයේ අගමැති අපේක්ෂකයාත් සජිත් - මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්




ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වූවා සේම ඉදිරි මහ මැතිවරණයකදී සිය අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වන්නේ ද පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසනවා. විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පවතින මත ගැටුම් ද ඉදිරි සතිය තුළ සමථයකට පත් වනු ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරත් පැවසුවේ. 

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.