Friday, May 10, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපළේ ඇති "ස්කෑනර්" යන්ත්‍ර ජනාධිපතිගේ අධීක්ෂණයට 

ටී.කේ.ජී.කපිල - කටුනායක




කටුනායක ගුවන් තොටුපළේ රේගු පරිශ්‍රයේ සවිකර ඇති ස්කෑනර් යන්ත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අධීක්ෂණයට ලක්ව තිබෙනවා. සිය ඉන්දීය සංචාරය නිමවා යළි සිය රට පැමිණි ජනාධිපතිවරයා රේගු පරිශ්‍රයේ සවිකර ඇති මෙම ස්කෑනර් යන්ත්‍ර අධීක්ෂණයට ලක් කළ බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් ඔවුන්ගේ සිරුරු වල විවිධ ස්ථාන වල සගවා ගෙන එනු ලබන රත්තරන් විවිධ මත්ද්‍රව්‍ය සහ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය ක්ෂණිකව අනාවරණය කර ගත හැකි විශේෂ ස්කෑන් යන්ත්‍ර රේගු පරිශ්‍රයේ සවි කර තිබෙනවා.

රේගු නිලධාරීන් තෝරා ගත් සැක සහිත ගුවන් මගීන් මෙම ස්කෑන් යන්ත්‍ර වෙත යොමු කරන අතර ඔවුන්ගේ සිරුරු භෞතික පරීක්ෂණයකට ලක් නොකර ක්ෂණිකව ඔවුන් සගවා ගෙන ඇති දෑ එම ස්ථාන ද සමග අනාවරණය කර දීමට මෙම යන්ත්‍ර සමත්.

ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී මෙම යන්ත්‍ර දැක රේගු නිලධාරීන්ගෙත් ඒ පිළිබඳව විමසා මහත් සතුටට පත්වූ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.