Saturday, May 4, 2024

General line - 0115112241

විපක්ෂ නායක ධූරයට සජිත් නම් කළ එජාප මහ ලේකම්ගේ නිර්දේශය කතානායක පිළිගනී




පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සදහා හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස නම් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් යොමු කළ ලිපියේ නිර්දේශය කතානායක කරූ ජයසූරිය මහතා විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව, ලබන ජනවාරි මස 03 වනදා නව පාර්ලිමේන්තු සැසිවාරයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් නිල වශයෙන් ප‍්‍රකාශ කරනු ඇති.

හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායක ධූරය සදහා පත් කිරීමට අද තීරණය කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡුාවකින් අනතුරුවයි.