Saturday, May 4, 2024

General line - 0115112241

ප්‍රතිඵල නිකුත් නිකුත් වූ වහාම සිසුන් සරසවි වලට - අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පැතිකඩ රැසක කඩිනම් වෙනසකට ජනපතිගේ අවධානය




අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පැතිකඩ රැසක කඩිනම් වෙනසක් සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

උසස්පෙළ ප‍්‍රථිඵල නිකුත් වූ වහාම විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සදහා ක‍්‍රමවේදයක් සැකසීම, පුරප්පාඩු ඇති ආයතන සොයා බලා රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සමගින් බදවා ගැනීම ජනාධිපතිවරයාගේ අවධානයට 
ලක් වූ කරුණු 02 ක්.

රටට සහ ආර්ථිකයට ගැළපෙන පරිදි ශ‍්‍රම බලකායක් බිහි කිරීම සහ ඊට ඉවහල් වන විෂය නිර්දේශ සකස් කිරීම පිළිබදව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

උසස්පෙළ සමත් සිසු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම, තොරතුරු තාක්ෂණ විෂයට ප‍්‍රමුඛත්වයක් ලබා දීම පිළිබදව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම රැකියා වෙළදපොළ ඉලක්ක කර ගනිමින් ගුරු විද්‍යා පීඨ, හෝටල් පාසල් ආරම්භ කිරීමට කි‍්‍රයා කළ යුතු බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන ඇමතිවරු සහ ආයතන නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.

මඩකලපුව විශ්ව විද්‍යාලය විනාශ වී යාමට ඉඩ නොදී කඩිනමින් ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට එක් කොටගෙන ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.