Saturday, May 4, 2024

General line - 0115112241

එජාපයේ නායකත්ව ගැටුමත් නත්තලට පෙර විසදෙන බවට බලාපොරොත්තු




විපක්ෂ නායන ධූරය සඳහා වූ අර්බුදය එකගතාවකින් විසදුනා සේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදයද එළබෙන නත්තලට පෙර විසඳෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මෙම ප්‍රතිසංවිධාන කටයුතු සඳහා සියලු නියෝජිතයින් එක්ව කටයුතු කිරීමටද සැලසුම් කර තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

" ඉදිරියේදී පක්ෂයේ වෙනස්කම් කිරීම සඳහා නායක රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඉදිරි නත්තල් නිවාඩුවට පෙර අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු බවයි මෙහිදී පක්ෂයේ සියලු දෙනාගේ අදහස වුයේ. පක්ෂයේ සියලු වෙනස්කම් සමගින් අලුත් බලාපොරොත්තුවක් සමග පාක්ෂිකයින්ට එකතුවී ඉදිරියට යාමට අවශ්‍ය හැකියාව තිබෙනවා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙලා, පක්ෂ සම්මේලනය පවත්වලා අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකි වනු ඇති බවයි අපගේ බලාපොරොත්තුව" නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සිරිකොත මූලස්ථානයේදී ඊයේ (05)රැස්වුණා. හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරයට පත් කිරීමට තීරණය කෙරුණේද එම රැස්වීමේදීයි. පසුව විපක්ෂ නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් නම් කරන්නැයි යෝජනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කතානායකවරයා වෙත යොමු කළ අතර කතානායකවරයා එම ලිපිය පිළිගත් බවයි කතානායක මාධ්‍ය අංශය කියා සිටියේ.