Sunday, May 5, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙක් ?




පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහ පසුව ඇතිවූ සිද්ධීන් වලට හා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට හිටපු රජයේ ඉහළ ඇමතිවරුන් පිරිසකගේ ඇති සබදතා සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට ලැබී ඇති බවට වාර්තා වනවා.

කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන්හි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රසිද්ධියේ මෙන්ම ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදී තිබෙනවා. එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවයන් ගැන කරුණු සහිතව උන්වහන්සේ හෙළි කොට ඇති බවයි වාර්තා වන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන ජනාධිපති කොමිසමට හිටපු රජයේ ඇමතිවරුන් සම්බන්ධයෙන් වන තොරතුරු මේ වන විට ලැබී ඇති අතර ඔවුන්ව ඉදිරියේදී කොමිසමට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.