Sunday, May 5, 2024

General line - 0115112241

බ්‍රිගේඩියර් ප්‍රියංක ගැන ආණ්ඩු පාර්ශ්වයේ විශේෂ සාකච්ඡාවක්




බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට බි‍්‍රතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් දඩ මුදලක් නියම කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයේ විශේෂ සාකච්ඡාවක් අද (09) පැවැත්වෙනවා.

ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇති තොරතුරු පිළිබඳ සමාලෝචනයක් මෙහිදී සිදුකරන බවයි.

කෙසේවෙතත්, බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට නියම කළ දඩ මුදල ගෙවීමට සිදු නොවනු ඇති බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ඔහු ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තානාපති අංශ සහ විදේශ සබඳතා අමාත්‍යාංශය තවදුරටත් කටයුතු කරනු ඇති බවයි. 

ඉකුත් වසරේ නිදහස් දිනය දා එල්. ටී. ටී. ඊ. හිතවාදීන් බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යයාලය ඉදිරිපිට සිදු කළ විරෝධතාවක් අතරතුර බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදු කළ බවටයි චෝදනා 
එල්ල වී තිබුණේ.

ඒ අනුව බි‍්‍රතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය අදාළ නඩුවෙන් ඔහු වරදකරු කරමින් ඉකුත්දා පවුම් 2400 ක දඩයක් ද නියම කළා.