Sunday, May 5, 2024

General line - 0115112241

මීළඟ ගැටලුව විසඳ ගන්න හැටි සාකච්ඡා කරන්න එජාප පසුපෙළ අද රැස්වේ




එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ හමුවක් අද (09) පැවැත්වීමට නියමිතයි. ඒ, පක්ෂ නායකත්වය හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

කෙසේවෙතත් එය නිල මට්ටමෙන් සිදු කෙරෙන සාකච්ඡාවක් නොවන බවයි පසුපෙළ මන්තී‍්‍රවරුන් සඳහන් කළේ.

එහෙත්, පක්ෂයේ නායකත්වය හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබාගැනිම සම්බන්ධයෙන් වන සාකච්ඡා වටයේ පළමුවැන්න මෙය බව ද ප‍්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් නෙත් නිවුස් වෙත කියා සිටියේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් වන ගැටලුව ද විපක්ෂ නායක ධූරය පිළිබඳ ගැටලුව විසඳුනා සේම විසඳෙනු ඇති බවයි. 

පාර්ලිමේන්තුව රැස්වූ වහාම හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායකවරයා ලෙස සිට කටයුතු ආරම්භ කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

එක්සත් ජාතික පක්ෂය එක්කළ හැකි නායකයෙකු පක්ෂයට අවශ්‍ය බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.