Thursday, May 2, 2024

General line - 0115112241

තාප්පවලට සීමා නොවී නගරයම ලස්සන කරන්න තරුණ තරුණියන් එකතු වෙයි (PHOTOS)




දැන්වීම්වලින් වැසී ගිය තාප්ප පිරිසිදු කර සිතුවම්වලින් අලංකාර කිරීමට තරුණ - තරුණියන් තවදුරටත් එක්-රැස් වෙමින් සිටිනවා.

බොහෝවිට අපට දැකගත හැකි වන්නේ තාප්පවල චිත‍්‍ර අඳින කණ්ඩායම්.

මෙවැනි තරුණ - තරුණියන් පිළිබඳ පළමු වරට අනාවරණ කළ ගුඞ් නිව්ස් විශේෂාංගයෙන් අද (09) අනාවරණ කරන්නේ තාප්පයක් පමණක්ම නොව නගරයක්ම අලංකාර කිරීමට එක් වී සිටින නව යොවුන් කණ්ඩායමක් පිළිබඳවයි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ එක් වූ මෙම යෞවනයන් මෙලෙස සුන්දර කරන්නේ ආණමඩුව නගරයයි. නගරයේ අපවිත‍්‍ර වී ඇති තාප්පවලට අමතරව පොදු ස්ථාන ද සිතුවම්වලින් අලංකාර කිරීම ඔවුන් මේ දිනවල සිදු කරනවා.

එම කණ්ඩායමේ සාමාජික හර්ෂ පියුමාල් සේනාරත්න අදහස් පළ කරමින් සඳහන් කළේ "ෆේස්බුක් හරහා අපි ටීම් එකක් හැදුවා ටීම් තම්බපන්නි කියලා. ඒකට අපේ නගරය අවට ඉන්න තරුණ තරුණියන් සේරම වගේ එකතු වුණා. මහජනයා ගැවසෙන තැන ලස්සන පරිසරයක් කරන්න අපි උත්සහ ගන්නවා." යනුවෙනි.

 

තවත් එවැනිම ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක වන්නේ මොරටුව කටුබැද්ද කී‍්‍රඩාංගණය අසළයි. ඔවුන් මෙම ව්‍යාපෘතිය සිදුකරන්නේ ද ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ තරුණියන් එක්රැස් කර ගනිමින්.

එම තරුණ කණ්ඩායමේ සාමාජික කසුන් කුමාර පීරිස් කියා සිටියේ "මොරටුව අවට ඉන්න තරුණ තරුණියන් මේ සියලුම දෙනා අපිට එකතු වුනේ ෆේස්බුක් හරහා. හිතුවටත් වඩා ලොකු සහයෝගයක් සියලුම දෙනාගෙන් වගේ ලැබුණා. ලංකාව වටේම මේ වගේ වැඩක් කෙරෙද්දි කලා කරුවන් රැසක් ඉන්න මොරටුවෙ මේ වගේ වැඩක් කෙරෙන්නේ නෑ කිව්වම ලොකු අඩුවක්.. ඒකත් මේ වැඩේ පටන් ගන්න අපිට එක කරුණක් වුණා." යනුවෙනි.