Friday, May 10, 2024

General line - 0115112241

දෙවරක් පැමිණි ස්විස් තානාපති නිලධාරිණිය CIDයෙන් පිටව යයි




පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් තුන්වන දිනයටත් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද (10) පස්වරුවේ පිටව ගොස් තිබෙනවා. ඇය ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ පෙරවරු 9 යි 30 ට පමණයි.

පසුව පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගියා. පසුව ඇය යළි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවේ ප්‍රකාශ ලබා ගැනීමේ අරමුණින්. ප්‍රකාශය ලබාදීමෙන් පසු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබුණා.

ඊයේ දිනයේද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් පැය පහමාරක කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඇයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ. 
 

 

...............................................................................

ස්විස් තානාපති නිලධාරිනිය යළි CIDය වෙත රැගෙන එයි (UPDATE)

(10-12-2019 19:10)

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් තුන්වන දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (10) ප්‍රකාශයක් ලබාදුන්නා. පෙරවරු 9 යි 30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇය පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන් බවයි වාර්තා වන්නේ. පසුව ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගියා.

පසුව ඇය යළි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබෙනවා. තානාපති කාර්යාලයේ නිලධාරිණියගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යළිත් වරක් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් පැය පහමාරක කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඇයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ. 

මේ අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණයක් පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යහමු කිහිපයකදී අද අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්.

ජාතික සංවිධාන එකමුතුව කැදවූ මාධ්‍ය හමුවේදී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරද අදහස් පළ කළා.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගේ නඩුව යළි මේ මස 12 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතයි.
 

.................................................................

තෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදී ස්විස් නිලධාරිනිය පිටව යයි

(10-12-2019 14:24)

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් තුන්වන දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබෙනවා.

ඇය අද (10) පෙරවරු 09.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන් බවයි වාර්තා වන්නේ.

 ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් ගේ නඩුව යළි මේ මස 12 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතව තිබෙනවා.