Friday, May 10, 2024

General line - 0115112241

විදුලි කේෂ්ත්‍රයේ ගැටළු ගැන ජනපති දැනුවත් කරනවා : අමාත්‍ය මහින්ද අමරවීර




ජාතික විදුලිබල ක්‍ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැනුවත් කිරිමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ අද (10) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ. මේ, අමාත්‍ය මහින්ද අමරවීර.

2014 වසරෙන් පසු ගතවූ වසර 5 තුළ ජාතික විදුලිබල පද්ධතියේ ධාරිතාව එක ඒකකයකින් හෝ වැඩි කර නැතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. එහෙත් හිගයකින් තොරව විදුලිය උත්පාදනය සදහා නව ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ආරම්භ කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත්තේ. විදුලිබල උත්පාදනය සදහා යොදාගත හැකි ලාබදායි ක්‍රම පිළිබද දැනටමත් අවධානය යොමුකර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.