Friday, May 10, 2024

General line - 0115112241

බුදුදහමට නිගා කළ අයට නාමයෝජනා නොදෙන්නැයි එජාපය තුළින්ම ඉල්ලීමක්




ඉකුත් ජනාධිපතිවරණ සමයේදී බුදුදහමට සහ මහා සංඝ රත්නයට අපහාස වන අයුරින් අදහස් පළ කළ මන්ත්‍රීවරුන්ට එළඹෙන මහ මැතිවරණය සදහා නාමයෝජනා ලබා නොදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලීමක් කරනවා. ඒ, කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකදීයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහද මෙම මාධ්‍ය හමුවට එක්වුණා.

එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට නායකත්වය ලබාදෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව මෙහිදී අවධාරණය කෙරුණා.