Friday, April 26, 2024

General line - 0115112241

උදුවප් පොහොය අදයි - ශ්වේත පූජා බවුන්පැල්ලස්ස පුජා භූමියේදී (PHOTOS)




උදුවප් පුර පසලොස්වක පොහොය අදට (11) යෙදී තිබෙනවා.

උදුවප් පොහොය ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් වනවා.

ඒ පිළිබඳව පැහැදිළි කරන ශාස්ත‍්‍රපති පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන් කියා සිටියේ "ලංකාවේ භික්ෂුණී සාසනය ආරම්භ කරන්න මුල් වෙච්ච පොහොය දිනයක් ලෙස උදුවප් පොහොය දිනය අපිට වැදගත් වෙනවා." යනුවෙනි.

ගතවූ වසර සම්බන්ධයෙන් යළි විමසා බැලීමට මෙම පොහොය ඉතා වැදගත් බවද ශාස්ත‍්‍රපති පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන් මෙහිදී පෙන්වා දුන්නා. 

මේ අතර උදුවප් පොහොය දා නෙත් එෆ්. එම්. ශ්වේත පූජා වැඩසටහන ගම්පහ බවුන්පැල්ලස්ස පුජා භූමියේදී දැන් පැවැත්වෙනවා.

පිංකම් සහ ආගමික අංග රැසක් එහිදී අද දවස පුරා සංවිධානය කර තිබෙනවා.

මේ අතර උදුවප් පොහොයත් සමග සිරිපා වන්දනා සමයද අද ආරම්භවනවා.