Saturday, May 4, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්




පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (23) පැවැත්වෙනවා. ඒ, ලබන ජනවාරි 03 වැනිදා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් දෙවැනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට තීරණය කළා.

ඒ වෙනුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ලබන වසරේ ජනවාරි මස 03 වැනිදා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් වන බවයි. ඒ අනුව, එදින ජනාධිපතිවරයා විසින් සම්ප‍්‍රදානුකූලව රාජාසන කථාව සිදු කරනු ඇති. 

නව ආණ්ඩුවක් පත් වී ඇති අවස්ථාවක පාර්ලිමේන්තුවේ ආසන පැනවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතයි.