Saturday, May 4, 2024

General line - 0115112241

උතුරේ ආණ්ඩුකාරවරිය පත් කිරීම විශේෂ අවස්ථාවක් සේ සලකා කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය




නව ආණ්ඩුවේ මීළඟ කැබිනට් රැස්වීම ජනවාරි මස දෙවැනිදා (02) පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, මෙම සතියේ නත්තල් නිවාඩුව යෙදී තිබීම හේතුවෙන්. නව ආණ්ඩුවේ මෙතෙක් පැවති කැබිනට් රැස්වීම් බොහොමයක් බදාදා දිනයන්හිදී පැවැත්වුණා.

ඒ, සවස 04.30 ටයි. බදාදා දිනයේ අමාත්‍යාංශවල මහජන දිනය පැවැත්වෙන බැවින් ඊට බලපෑමක් නොවන පරිදි කැබිනට් රැස්වීම් පැවැත්වීම ඊට හේතු වුණා.

මහජන සුබසිද්ධිය සලකා ජනාධිපතිවරයා විසින් කැබිනට් රැස්වීම පස්වරුවේ පැවැත්වීමට තීරණය කරනු ලැබුවා. මීට පෙර ආණ්ඩුවේ කැබිනට් රැස්වීම් පැවැත්වුණේ පෙරවරුවේ හෝ දහවල් කාලයේයි. 

මේ අතර දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන පී. එස්. එම්. චාල්ස් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇතැයි වාර්තා පළ වනවා.

ඇයට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම සඳහා තවත් වසර 02 ක කාලයක් පවතිනවා. එබැවින් ආණ්ඩුකාරවරිය ලෙස පත් කිරීමේදී සම්පූර්ණ විශ‍්‍රාම වැටුප ලැබීමේදී එය ගැටලූවක් විය හැකි බවටයි කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව විශේෂ අවස්ථාවක් සේ සලකා ඇයට සම්පූර්ණ විශ‍්‍රාම වැටුප ලැබෙන සේ අදාළ පත්කිරීම සිදුකිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.