Saturday, May 4, 2024

General line - 0115112241

රජය සතු සියලු වී තොග සහල් කර බදාදාට පෙර වෙළඳපොලට




රජය සතු සියලූ වී තොග සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත් කිරිමට තීරණය කර තිබෙනවා. ලබන බදාදාට පෙර මෙම කටයුත්ත සිදුවන බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

සහල් තොග සඟවා සිටින වෙළඳුන්ට එරෙහිව මේ සතිය තුළ නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ථ ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති රොෂාන් ජානක ප‍්‍රකාශ කළේ ජනවාරි මාසයේ සිට රුපියල් 90 ට වඩා අඩුවෙන් සහල් ලබාදිය හැකි බවයි. 

සම්බා සහ නාඩු සහල් කිලෝ 01 ක් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා. කෙසේවෙතත් බොහෝ ප‍්‍රදේශවල එම මිල ඉක්මවා සහල් අලෙවි වන බවටයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.