Sunday, May 5, 2024

General line - 0115112241

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචා මඩින්න බුද්ධි අංශ




වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන් සහ තැරැව්කරුවන් අතර සිදුවන නීතිවිරෝධී කි‍්‍රයා නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා බුද්ධි අංශ සහය ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. 

ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම නෙත් නිවුස් වෙත සඳහන් කළේ බුද්ධි අංශ නිලධාරීන් එම දෙපාර්තමේන්තු පරිශ‍්‍රයට යෙදවීමට ද අවධානය යොමුවී ඇති බවයි. 

මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සඳහා වෛද්‍ය වාර්තා නිකුත් කිරීමේදී නීතිවිරෝධි කි‍්‍රයා සිදුවන බවට මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය වෙත පැමිණිලි ද ලැබී තිබෙනවා. 

මෙම පරීක්ෂණයට පෙනී සිටි ඇතැම් පුද්ගලයින් වෛදය පරීක්ෂණය අසමත්වූවද, එම පරීක්ෂණය සමත් වූ බවට වාර්තා නිකුත් කිරීමට රුපියල් 2000 ත් 4000 අතර මුදලක් ලබාගන්නා බවටයි එහි සේවකයින් පවසන්නේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ජනතාව මුහුණදෙන ගැටළු රැසක් පිලිබඳ කරුණු අනාවරණ වුණා.