Sunday, April 28, 2024

General line - 0115112241

අමෙරිකානු ජනාධිපතිගේ අණින් එල්ලවූ ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියෙක් ජිවිතක්ෂයට 




ඉරාන විප්ලවීය හමුදාවේ කුඩ්ස් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ජෙනරාල් කාසීම් සුලෙයිමානි ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ඔහු රැගත් රථ පෙලට බැග්ඩෑග් ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ප්‍රහාරයෙන් ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ බලකායක් වන PMF බලකායේ නියෝජ්‍ය ප්‍රධානී අබු මහඩි අල්-මුහන්දිස් ද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉරාන යුධ ප්‍රධානියා රැගත් රථ පෙළට එල්ලවූ ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අණදීම මත සිදුකළ බව මිට සුළු මොහොතකට පෙර පෙන්ටගනය නිවේදනය කර සිටියා.

ඉරාකයේ සිටින අමෙරිකානු භට පිරිස් ඉලක්ක කර ගනිමින් ඉරාන විප්ලවීය හමුදාව විසින් සිදු කරනු ලබන ප්‍රහාරයන් හි සැලසුම්කරු ලෙස ජෙනරාල් කාසිම් සුලෙයිමානී බව හදුනාගෙන ඇති බවයි පෙන්ටගනය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

මේ හේතුවෙන් ඔහුව ඉලක්ක කරමින් ප්‍රහාරය දියත් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි පෙන්ටගනය වැඩි දුරටත් සදහන් කර සිටියා.