Sunday, April 28, 2024

General line - 0115112241

IS සංවිධානයට එරෙහි මෙහෙයුම් අමෙරිකාව නවතා දමයි : සියලු විදෙස් හමුදාවන් ඉරාකයෙන් ඉවත් කිරිමේ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවේදි සම්මත කර ගනියි




IS සංවිධානය ඉලක්ක කර ගනිමින් අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය හමුදාවන් විසින් ඉරාකය තුල සිදු කරනු ලබන මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබෙනවා.

ඒ ඉරාක පාර්ලිමේන්තුව විසින් තම රට තුල ස්ථාන ගතවි සිටින සියළුම විදෙස් හමුදාවන් රටින් පිටුවහල් කිරිමේ යෝජනාවක් අද (05) දිනයේදි සම්මත කර ගැනිමත් සමගයි.

ඉකුත් සිකුරාදා බැග්ඩෑග් ගුවන් තොටුපල ආසන්නයේදි ඉරාන හමුදා ජනරාල් කාසෙම් සුලෙයිමානී ඉලක්ක කර ගනිමින් අමෙරිකාව විසින් සිදුකළ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් ඉරාක පාර්ලිමේන්තුව ව්සින් මෙම යෝජනාව සම්මත කර ගෙන ඇත.

ඊට අමතරව අමෙරිකාව විසින් සිදුකළ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට ලිඛිත පැමිනිල්ලක් සිදු කිරිමටද ඉරාක පාර්ලිමේන්තුව අද තින්දුවකට එළඹ තිබෙනවා.

මේ වන විට ඉරාකය තුල අමෙරිකානු යුධ භටයින් 5000 කට ආසන්න පිරිසක් රැදි සිටිනවා. ඒ ඉස්ලාමිය රාජ්‍ය හෙවත් IS සංවිධානයට එරෙහිව මිත්‍ර පාර්ශවික රටවල් ව්සින් සිදුකරන මෙහෙයුම් සදහා දායකත්වය ලබා දෙමින්ය.

ඉරානය සහ ඔවුන්ට පක්ෂපාතිත්වය දක්වන සන්නද්ධ කණ්ඩායම් වලින් කුමන හෝ අවස්ථාවක ප්‍රහාරයක් එල්ල විමේ අවධානමක් ඇති බැවින් මේ වන ව්ට ඉරාකයේ රැදි සිටින අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශව හමුදා මර්මස්ථානවල ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

මේ අතර මැද පෙරදිග කලාපය තුල රැදි සිටින සියලුම අමෙරිකානු භට පිරිස්, කදවුරු සහ සාගර කලාපයේ ස්ථාන ගත කොට ඇති යුධ නැව් පලවා හරින බවට හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ප්‍රකාශ කොට තිබෙනවා.

මේ අතර සෞදි අරාබියේ වෙසෙන සිය පුරවැසියන්ට ඉතා කල්පනාකාරිව සිටින්නැයි දැනුම් දෙමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇගවිමක් සිදුකර තිබෙනවා.