Saturday, May 4, 2024

General line - 0115112241

රන්ජන් ගේ සැක සහිත තවත් සංවාද එළියට




පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් අතර සිදුවූ බව කියන සැක සහිත සංවාදවල හඩපට කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබෙනවා. එවැනි එක හඩ පටයක ඇතුළත් වන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූ ශානි අබේසේකර අතර ඇති වූ සංවාදයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහාධිකරණ විනිසුරුවරියක වූ පද්මිණී රණවක සමග කළ දුරකතන සංවාදයක් පිළිබදවද එහි සදහන්. විනිසුරු පද්මිණී රණවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඩුවම නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ලේද සාමාජිකාවක වුණා. 

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට ලබාදුන් ස්ථාන මාරුවක් සම්බන්ධයෙන්ද රංජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ශානි අබේසේකර අතර තොරතුරු හුවමාරු වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු  ස්ථානාධිපති නිශාන්ත සිල්වා අතර ඇති වූ සංවාදයක්ද සමාජ මාධ්‍යයේ හුවමාරු වන හඩපටවල ඇතුළත්. විධිමත් පටිපාටියෙන් බැහැරව ස්විට්සර්ලන්තයට පලායාම සම්බන්ධයෙන් සංවාදයට ලක්ව සිටින්නේද මෙම නිලධාරියායි.