Sunday, April 28, 2024

General line - 0115112241

මාලී රාජ්‍යයේ සාම සාධක භට පිරිස් අඩු කරන්න : අමෙරිකාවෙන් යෝජනාවක්




මාලි රාජ්‍යය තුල සිටින සාම සාධක භට පිරිස අඩුකල යුතු බව අමෙරිකාව යෝජනා කර තිබෙනවා. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලයේ අමෙරිකානු නියෝජ්‍ය තානාපති චෙරිත් නෝර්මන් චාලට් විසින්.

මෙම ප‍්‍රකාශය ප‍්‍රංශයට සහ රුසියාවට සිදුකල පහර ගැසීමක් බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මාලි රාජ්‍යය තුල පවතින අස්ථාවරත්වයට විකල්ප විසදුම් මාර්ගයක් අනුගමනය කිරිම සදහා කාලය එලඹ ඇතැයි ඇය සදහන් කළා. එසේම මාලි රාජ්‍යය තුල වර්ධනය වෙමින් තිබෙන ත‍්‍රස්තවාදයට එකම පිලියම එරට තුල සාම සාධක මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරිම නොවන බව සැවොම වටහා ගත යුතු බවද ඇය සදහන් කළා.

කෙසේ වෙතත් අමෙරිකාවේ මෙම යෝජනාවට රුසියාව විරෝධය පල කරනවා. ඔවුන් පවසන්නේ මාලි හමුදාවේ බුද්ධි අංශ සහ අනෙකුත් මෙහෙයුම් ශක්තිමත් කිරිම සදහා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහය අවශ්‍ය යුතු බවයි. මෙරට හමුදාව ද මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සදහා දායක වි සිටිනවා