Monday, April 29, 2024

General line - 0115112241

සජිත්ගේ අලුත් ගමනේ පළමු සැළසුම හෙළි කෙරේ




විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානය ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ලබන බ‍්‍රහස්පතින්දා දින සිට රට පුරා දැවැන්ත ජනරැළි මාලාවක් සංවිධාන කිරීමට ඔහුට සහය දක්වන පාර්ශ්වය තීරණය කර තිබෙනවා.

එහි පළමු ජනරැළිය නුගේගොඩදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා, ප‍්‍රාදේශීය සභා සහ ආසන සංවිධායකවරුන් විපක්ෂ නායක කාර්යාලයට කැඳවා සාකච්ඡා සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ. 

නව සන්ධානය ඉදිරි දින කිහිපය තුළදි නිර්මාණය කිරීමෙන් පසු එළඹෙන මහමැතිවරණය සඳහා සියලූ පාර්ශ්ව සමග එක්ව සැලසුම් සකස් කරන බව ද නලින් බණ්ඩාර මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. 

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් හෙට (20) දිනයේ පක්‍ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා.