Monday, April 29, 2024

General line - 0115112241

වයස්ගත මන්තී‍්‍රවරු විශ‍්‍රාම ගැන්වීමේ යෝජනාවට ප‍්‍රධාන පක්‍ෂවලින් පිළිතුරු දෙයි




වයස්ගත පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විශ‍්‍රාම ගැන්වීම සඳහා නිර්ණායක අවශ්‍ය බවට පැෆරල් සංවිධානය කළ යෝජනාවට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ විරෝධය පළ කරනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙම ප‍්‍රකාශය සිදුකළේ මහනුවර පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින්.

බොහෝ රටවල වයස්ගත මන්ති‍්‍රවරුන් විශ‍්‍රාම ගැන්වීම සඳහා කාලසීමාවක් සටහන් කර නොමැති බැවින් එවැනි තීරණයක් ශී‍්‍ර ලංකාවටද අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පැවසුවේ.

පැෆරල් සංවිධානය කළ මෙම යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්‍ෂයෙන්ද විමසීමක් කළා. ඊට සිය පක්‍ෂයටද එකඟ විය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර තුෂාර ඉදුනිල් මෙහිදී ප‍්‍රකාශ කළේ.

මෙම යෝජනාව පිළිබද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පළ කළේ මෙවන් අදහසක්.

"ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එකකවත් මා දන්නා පරිදි අනිවාර්යය කර නෑ උපාධියක් හෝ වයස් සීමාවක්. බැහැයි යම් දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇතුළේ ලෝකයේ දියුණු පුරවැසියන් ඉන්න රටවලදී ඉබේම වගේ ඒ වගේ සංස්කෘතියක් හැදෙනවා."