තුර්කියේ නැගෙනහිර ප‍්‍රදේශයට ප‍්‍රබල භූ කම්පනයක බලපෑම් එල්ල වුණා.එහි ප‍්‍රබලත්වය සටහන් වුණේ මැග්නිටියුඞ් ඒකක 6.7 ක් ලෙසයි. ප‍්‍රධාන කම්පනයෙන් අනතුරුව පසු කම්පන තත්ත්වයන් 60 ක් පමණ ද බලපා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
ප‍්‍රධාන කම්පනයේ බලපෑම අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානයට ද දැනී තිබුණා. ගොඩනැගිලි කඩා වැටීම වැනි සිද්ධීන් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.