Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO සහ ඔහුගේ බිරිඳ භාර වෙයි




ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ  භාරවී තිබෙනවා. ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් 3 වනදා නියෝගයක්ද නිකුත් කර තිබුණා. ඒ, 2013 වසරේ සිදුවූ බව කියන ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව නගා ඇති මුදල් විශුද්ධීකරණ චෝදනා මතයි.

කෙසේවෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද රටින් පිටවී ඇති බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බවයි. කෙසේවෙතත් පොලීසිය ප්‍රකාශ කර තිබුණේ අධිකරණයෙන් ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔවුන්ට විදෙස්ගතවීමට ඉඩක් නොමැති බවයි.