Thursday, May 2, 2024

General line - 0115112241

අගමැති මහින්ද අද ඉන්දීය අගමැති මෝදි හමුවෙයි




ඉන්දීය නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වනවා.

එහිදී දෙපාර්ශවය අතර කලාපීය වශයෙන් වැදගත් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

රාෂ්ට‍්‍රපති භවන්හි එම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ද හමුවීමට නියමිතයි.

අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා එක්වන පළමු රාජ්‍ය සංචාරයද මෙය වනවා.