Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා අර්බුදය මැද චීන ජනපති අමෙරිකානු ජනපති සමග දුරකතන සංවාදයක




කොරෝනා වෛරසයේ දරුණු ව්‍යාප්තිය මධ්‍යයේ චීන ජනාධිපති ෂීි ජින් පින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එහිදි චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම අසීරු අවස්ථාවේදී අමෙරිකාව සිය රට සමග සමීපව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට චීනය දරන උත්සාහය සදහා සම්පූර්ණ සහයෝගය ලබා දීමට එක`ගත්වය පළ කරන බවයි ඊට ප‍්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ. ජනාධිපති ට‍්‍රම්ප් පවසා ඇත්තේ රෝගීන් වෙනුවෙන් දින කිහිපයක් ඇතුළත රෝහල් ඉදිකිරීමට චීනය ගත් උත්සාහය සිත්ගන්නා සුලූ ක‍්‍රියාවලියක් බවයි.

එසේම මෙවැනි අසීරු අවස්ථාවකදී පවා චීන ජනපති ෂී ජින් පින්ගේ නායකත්වය පිලිබද විශ්වාසය තබා සිටින බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා. කෙසේවෙතත් ඉදිරි කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කීරීමටයි නායකයින් දෙපල එකගතාවය පල කර ඇත්තේ.

මේ අතර නව කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම ස`දහා ඩ්‍රෝන කැමරා භාවිතයට චීන පොලීසිය තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මේ වනවිටත් චීනයේ නගර රැුසකට එලෙස ඩ්‍රෝන කැමරා යොදවා ඇති බවයි. උඩු ගුවනේ පියාසර කරන එම ඩ්‍රෝන කැමරා මගින් මුඛ ආවරන පැලද ගමන් කරන පුද්ගලයින්ගේ ශරීර උෂ්්ණත්වය නිරීක්ෂණය කරනු ලබනවා. 

මීට අමතරව ගෙයින් ගෙට ගොස් පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට ද චීන බලධාරින්  මේවනවිට පියවර ගෙන ඇතැයි සදහන්.

නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය මේවනවිට මුහුන පා ඇත්තේ බරපතල තත්ත්වයකටයි. කොරෝනා වෛරසය නිසා චීනයේ සිදු වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 86ක්. ඒ අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුල පමනක් මිය ගොස් ඇති මුලූ පුද්ගලයින් ගනන 722 ක් වනවා.

චීනයෙන් පමනක් මේවනවිට නව කොරෝනා ආසාදිතයින් 34546 දෙනෙකු වාර්තා වනවා. චීනයද ඇතුලූව රටවල් 27 ක් පුරා පැතිර පවතින මෙම වෛරසය නිසා ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 35000කට ආසන්නයි .