Thursday, May 2, 2024

General line - 0115112241

මැණික්හින්න ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් සිව්දෙනෙක් මරුට




මැණික්හින්න - දිගන මාර්ගයේ මල්පාන ප‍්‍රදේශයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් තරුණයින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

කැබ් රථයක ගමන් කළ සිව් දෙනෙකු මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

රියදුරුට එම කැබ් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන එම අනතුර සිදුව තිබෙනවා. බරපතල තුවාල ලැබූ රියදුරා ඇතුළු සිව් දෙනා මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17 ත් 19 අතර වයස් සීමාවල පසුවන ති‍්‍රකුණාමලය, උහන හා මහියංගණය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙක්.