Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා නිසා චීනයේ ඉහළ නිලධාරීන් පිරිසකට රැකියා අහිමි වෙයි




නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුට සිය තනතුරු අහිමි වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය වන හුබේ පළාතේ සෞඛ්‍ය කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස සේවයෙන් පහ කර ඇති බවයි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

ඒ අනුව හුබේ පළාත් සෞඛ්‍ය කොමිසමේ පක්ෂ ලේකම් සැන් ජින් සහ අධ්‍යක්‍ෂ ලියු යින්සි මෙලෙස තනතුරුවලින් ඉවත් කර ඇති නිලධාරීන් වනවා. එයින් පුරප්පාඩු වූ හුබේ පළාත් සෞඛ්‍ය කොමිසමේ පක්ෂ ලේකම් සහ අධ්‍යක්‍ෂ යන ධූර දෙකම එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය අමාත්‍ය වැන් ෂෙන් හට පවරා ඇතැයි සඳහන්.

චීනයේ ප්‍රබල නිලධාරීන් හට මෙලෙස තනතුරු අහිමි වුණේ නව කොරෝනා වෛරසය හේතුවෙන් එරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,016 ක් දක්වා ඉහළ යාමත් සමගයි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ හුබේ පළාතෙන්.