Saturday, April 20, 2024

General line - 0115112241

බගවන්තලාවේ පාලම මත ඇදී චිත්‍ර මකා දමයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




බගවන්තලාව නගරයට පිවිසිමේදි කෙසෙල්ගමු ඔය හරහා ඉදි කර තිබෙන ප්‍රධාන පාලමේ ඇද තිබෙන චිත්‍රය මකා දමා ඒ මත සුදු තින්ත ආලේප කිරිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් කටයුතු කර ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.

බගවන්තලාව නගරයේ තරුණයින් පිරිසක් විසින් පසුගියදා  බගවන්තලාව නගරයේ ස්ථාන කිහිපයකම චිත්‍ර නිර්මාණය කළ අතර බගවන්තලාව නගරයට පිවිසෙන පාලමද සම්පුර්ණයෙන්ම තින්ත ආලේපනය කර අලංකාර චිත්‍ර කිහිපයක් පාලමේ සහ ආරක්ෂිත වැටේ නිර්මාණය කර තිබුණා.

එසේ නිර්මාණය කර තිබු ප්‍රධාන චිත්‍රපට නිර්මාණ හැර පාලමේ ආරක්ෂිත වැටේ නිර්මාණය කර තිබු අලංකා සිතුවම් කිහිපයක් සුදු තින්ත යොදා මකා දැමිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් කටයුතු කර තිබුණා.

පාලමේ නිර්මාණය කර තිබු චිත්‍ර මකා දැමිම සම්බන්ධයෙන් අප නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරි කාර්යයාලයේ ප්‍රධාන විධායක නිලධාරි කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය ගෙන් කල විමසුමකදී ඔහු කියා සිටියේ රාත්‍රි කාලයේ ගමන් කරන වාහන වලට පාලම දිස් නොවන නිසා අනතුරු සිදු විමේ අවධානමක් පැවතිම හේතුවෙන් පාලමේ ආරක්ෂිත වැටේ පමණක් සුදු තින්ත ආලේප කිරිමට කටයුතු කල බවයි.

තවද පාලම මත චිත්‍ර නිර්මාණය කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු අවසරයක් හෝ උපදෙසක් ලබාගෙන නොතිබිණු බවත්, එසේ අවසර සහ උපදෙස් ලබාගෙන තිබුණේ නම් පාලමේ චිත්‍ර නිර්මාණය කිරිමට අවශ්‍ය තින්ත වර්ණය සම්බන්ධයෙන් උපදෙස් ලබා දිමට හැකියාව තිබු බවයි.