Thursday, April 25, 2024

General line - 0115112241

වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට 'නෙත්' මාධ්‍ය අනුග්‍රහය (PHOTOS)




ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරයට වසරකට එක්වන කැලිකසල ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 32 කට වැඩියි. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය පැවසුවේ රට අභ්‍යන්තරයෙන් මෙන්ම මුහුදෙන් ද මෙම කැලිකසල වෙරළට ගොඩගසන බවයි. 

මෙවන් වටපිටාවක් තුළ වෙරළ තීරය පිරිසිදු කිරීමට තරුණයින් එක්වූ අවස්ථාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. 

ඔවුන් ඉකුත් සති අන්තයේ මෙම ව්‍යාපෘතිය දියත් කළේ ගල්කිස්ස වෙරළ තීරයේදීයි. 

එම තරුණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන සචින් විද්‍යාපති සඳහන් කළේ රට ලස්සන කිරීමේ විශාල උනන්දුවක් වර්තමාන තාරුණ්‍යට ඇති බවයි. 

මෙම ව්‍යාපෘතිය සඳහා තරුණ තරුණියන්ගේ වැඩිදායකත්වයක් තිබූ බවද ඔහු පැවසුවා. 

රට වෙනුවෙන් තම ශ‍්‍රමය, කාලය කැපකරන මෙවැනි තරුණයින් තවදුරටත් දිරිගැන්වීම නෙත් එෆ්. එම්. රේඩියෝවේ අරමුණයි. 

නෙත් සතුටු සඳුදා තුළින් මේ පිළිබඳ අවධානය යොමු කර තිබුණේ ඒ නිසාවෙනි. වෙරළ පිරිසිදු කිරීමේ කටයුත්තට සමගාමීව බීච් ටැග් රග්බි තරගයක්ද සංවිධානය කර තිබුණා.    

මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂයි.

පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන සේනාංකයේ සේනාධිපති මේජ්ර් ජෙනරාල් අනුර ආරියසිංහ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නෙත් එෆ් එම් රේඩියෝවේ සහ ෆොක්ස් එෆ් එම් සභාපති නිහාල් සෙනෙවිරත්න ඈපා මහතා, නෙත් එෆ්. එම්. ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත දහනායක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.