Wednesday, May 8, 2024

General line - 0115112241

බාධක ඉවත් කර ආයෝජකයින් දිරිගන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්




බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයින් දිරිගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්යසාධක බලකාය සමග ඊයේ (17) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.

කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටළු හඳුනා ගතයුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

එමෙන්ම විවිධ ප‍්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමකින් කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවට මොටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්බාණ්ඩ, ඇගලූම්, ඹෟෂධ, කුලූබඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයෝ මෙන්ම කර්මාන්තකරුවන්ද එක්වුණා.

මෙහිදී නිෂ්පාදනකරුවන් සහ ආයෝජකයන් බදු ගෙවීමේදී හා රේගුවේදී මුහුණ දෙන ගැටළු සහ පාරිසරික ගැටුළු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශ පැවසුවේ.

විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේදී විවිධ පාර්ශ්ව වෙතින මතු කෙරෙන සෙසු ගැටළු රටේ අභිවෘද්ධියට විශාල බාධාවක්. අවිධිමත් සහ අනවසර කි‍්‍රයාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යද නිහඬව සිටීම කණගාටුවට කරුණක් බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන කර ඇත්තේ. 

රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවන්ට සහය වීම සියළු පාර්ශ්වයන්ගේ වගකීම බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.