Thursday, April 25, 2024

General line - 0115112241

"ලංකාව අපි වෙනුවෙන් සිටියා" : චීන සරසවි සිසුන් කළ දේ (PHOTOS)




නව කොරෝනා වෛරසය සමග සටන් වදින චීනය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලාංකික ජනතාවට එරටින් විශේෂ ස්තුතියක් පිරිනමා තිබෙනවා. තම රට මුහුණපා ඇති දැඩි බලපෑම හමුවේ ශ්‍රී ලංකාව චීනයේ සැබෑ මිතුරු රාජ්‍යයක් ලෙස ලගින් සිටි බවයි බිජිං සරසවියේ විදෙස් භාෂා පිළිබඳව හදාරන සිසු සිසුවියන් සඳහන් කර සිටින්නේ.

පුද්ගලයින් 1800 කට අධික පිරිසකගේ ජිවිත බිලි ගත් මෙම කොරෝනා වෛරසය වැළදුණු චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවූ අතර මේ වන විට එම කාන්තාව සම්පුර්ණයෙන් සුව අතට හැරී සිටිනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීනයට ලක් රජයෙන් විශේෂ ආධාරයක් ලෙස තේ කොළ ලබාදීමට ද පසුගියදා කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව තම රටට දැක්වූ සහය අගයමින් චීනයේ බිජිං අගනුවර පිහිටි සරසවියේ විදෙස් භාෂා අධ්‍යයන කටයුතු වල නිරත සිසුන් පළකර තිබු ජයාරූප පෙළයි මේ.