Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය හමුවේ චීනයේ වායු දූෂණය පහලට




කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ චීනයේ වායු  දූෂණය පහල ගොස් තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ නාසා ආයතනය මගින් නිකුත් කළ නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් මේ බව අනාවරණ වී ඇති බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ චීනයේ නිශ්පාදනය කටයුතු බිද වැටුනු අතර එරට කර්මාන්ත ශාලා රැසක් ද වසා දමා තිබීම එරට වායු දූෂණය පහළ යාමට හේතුවී තිබෙනවා. 

ලොව වායු දූෂණය අධික රටවල් අතර පෙරමුණේ චීනය ද පසුවූ අතර බීජිං අගනුවර සැලකුනේ වායු දුෂණය අධික නගරයක් ලෙසයි.

මේ අතර ඔස්ටේ‍්‍රලියාවෙන් පළමු කොරෝනා මරණය අද වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ජපාන මුහුදු සීමාවේ රදවා තිබූ ඩයමන්ඞ් ප‍්‍රින්සස් නෞකාවේ සිට පැමිනි පුද්ගලයෙක්. 

ඔහු ජපානයේදී නිරෝධායන ක‍්‍රියාවලියකටද ලක්වූවෙකු බවයි පැවසෙන්නේ.

මේ අතර සිය රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සූදානම් වන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් එරට ඉහල පෙලේ නිලධාරීන්ට  අනතුරු අගවා ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. 

චීනයට මායිම් වන රටවල් අතරින් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන එකම රට උතුරු කොරියාවයි.