Sunday, April 28, 2024

General line - 0115112241

නුවන් සහ ධනංජය ඉවතට - අසිත ප්‍රනාන්දු කණ්ඩායමට




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියෙන් වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් හා තුන් ඉරියව් කී‍්‍රඩක ධනංජය ද සිල්වා ඉවත් කර තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාම ආබාධවලට ලක්වීම හේතුවෙන්.

පාදයේ ආබාධයකට ලක්ව සිටින නුවන් ප‍්‍රදීප්ට සති 6 ක කාලයක් කි‍්‍රකට් පිටියෙන් ඉවත්වීමට සිදුවන බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ.

එමෙන්ම ධනංජය ද සිල්වා මේ වනවිට කොළඹට කැඳවා ඇති අතර ඔහුද සැත්කමකට ලක් කිරීමට නියමිතව තිබෙනවා. 

නුවන් ප‍්‍රදීප් වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක අසිත ප‍්‍රනාන්දු කණ්ඩායමට කැදවූ බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියාසිටියේ.

තරග 2 කින් සමන්විත කොදෙව් - ශී‍්‍ර ලංකා පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය හෙට (04) පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. දෙරට අතර අවසන් පන්දුවාර 20 තරගය එම කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන්නේ ලබන 6 වැනිදායි.