Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය සඳහා නිපදවූ එන්නත ලබන මාසයේදී මානව අත්හදා බැලීම සඳහා සුදානම් බව නිවේදනය කරයි




නව කොරෝනා වෛරසය සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත පළමු වරට මිනිසුන් සඳහා අත්හදා බැලීම ලබන මාසයේදී සිදුකරන බව ලන්ඩන් විශ්ව විද්‍යාලය සහ අමෙරිකාවේ ඖෂධ සමාගමක් නිවේදනය කර සිටිනවා.

ලන්ඩනයේ පිහිටි ඉම්පීරියල් විශ්ව විද්‍යාලය නව කොරෝනා වෛරසය සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත සතුන් යොදා ගනිමින් පරීක්ෂණ සිදුකිරිම ඉකුත් පෙබරවාරි මාසයේදී ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ලබන මාසයේදී පළමු වරට එම එන්නත මානව අත්හදා බැලීම සඳහා සුදානම් කර ඇති බවයි ඉම්පීරියල් විශ්ව විද්‍යාලය සඳහන් කර සිටින්නේ.

මිට අමතරව අමෙරිකාවේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Moderna and Inovio නිවේදනය කර සිටියේ ඔවුන් ද ලබන මාසයේදී කොරෝනා වෛරසය සඳහා නිපදවූ එන්නත මානව අත්හදා බැලීම් සඳහා සුදානම් වන බවයි.