Monday, April 29, 2024

General line - 0115112241

ගත වූ පැය 24 තුළ රටවල් 10කින් කොරෝනා මරණ 71ක්




කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආසාදනයවීම හේතුවෙන් ගත වු පැය 24 තුළ අලූතින් සිදුවූ පුද්ගල මරණ රටවල් 10 කින් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 71 ක්. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 41 ක්.

බි‍්‍රතාන්‍යයෙන් හා ස්විට්සර්ලන්තයෙන් පළමු වරට කොරෝනා මරණයක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මීට අමතරව ඉරාකයෙන්, අමෙරිකාවෙන් සහ ස්පාඤ්ඤයෙන්ද අලූතින් කොරෝනා මරණ වාර්තා වනවා.

දකුණු කොරියාවෙන්, ප‍්‍රංශයෙන් සහ ඉරානයෙන්ද ගත වූ පැය 24 තුළ අලූතින් කොරෝනා මරණ වාර්තා වන බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වන්නේ එක් මරණයක් පමණයි.

අලූතින් රෝගීන් 21 දෙනෙකු පමණක් චීනයෙන් වාර්තා වී තිබෙනවා.

එහෙත් ඉතාලියෙන් රෝගීන් 769 දෙනෙකුද, ඉරානයෙන් රෝගීන් 591 දෙනෙකුද, දකුණු කොරියාවෙන් රෝගීන් 467 දෙනෙකුද අලූතින් වාර්තාවීම විශේෂත්වයක්. 

සමස්තයක් ලෙස අද වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 98,080 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,356 ක්. රෝගය ආසාදනය වී 54,142 දෙනෙකු සුවය ලබා තිබෙනවා.